කර්ම විපාකයක් හේතුවෙන් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා සිරගෙට වැටී ඇති බවත් දැන් ඒ කර්මය අවසන්වී ඇති බවත් රටට වැඩ කිරීමේ ශක්තිය ඔහුට ලැබේවායි පතන බවත් උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමියෝ ගලේවෙලදී පැවසූහ. අස්ගිරි පන්සලේදී මහ නාහිමියන් ෆොන්සේකාට පැවසූයේ දේශපාලන කල්ලි කණ්ඩායම් සමග එක් නොවී ටික කාලයක් විවේකගන්නා ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට විරුද්ධව වැඩ කල අයට බුද්ධියෙන් පිලිතුරු දෙන්න.අපි සදා ඔබ සමගයි
මොනවද මේ කියන්නේ, අපි බලන් ඉන්නෙ ඔබ එනකං. ඔබට සුභපැතුම්!!
හැම අසාධාරනයක්ම (බදු මිල වැඩි වීම පවා) කරුමෙට භාර කරලා ඉන්ටනම් අපිට ආණ්ඩුවක් ඕනෙද ?
දැන් හැමෝම එකතුවෙලා මේ රට හරිමගට ගත යුතුයි....
තව ඉවර නෑ.හොද හරිය ඉස්සරහට ..
ෆොන්සේකාගේ කරුමෙ ඉවරයි.මීළගට කාගේ කරුමෙද?
දැන් අරයව තමයි ඊලගට දාන්න ඕනේ ඇතුළට
ඉන්දික වගේ අය රටේ ඉන්න එක තමයි කරුමේ
2009වර්ෂයට පෙර ශ්‍රි ලාංකිකයින් ගේ පොදුසතුරා 1. ltte 2. ltte 3.ltte. 2012 වර්ෂය වෙද්දි 1. රාජ්‍ය දේපල සොරුන් 2. ltte 3. ltte
සුභපැතුම් !!
මොනවා කියනවද මන්දා.අපි බලා ඉන්නේ ඔබ එනකල්.ඔබට සුභ පැතුම්!
ලාල් අල්විස් හා ෆාරු කියන අදහස් ඒක්ක උඩුගම අස්ගිරි මහ නාහිමියන් වහන්සේ වදාළ අදහසට මමත් ඒකඟයි..
මට තියෙනෙ ලොකුම ප්‍රශ්නේ ඇයි ජනරාල් ගේ පරම අරමුණ මේ රජය පෙරලීම කියන එකයි. එහෙම කරල තිරසාර සමාජයක් ඇති කරන්න එතුම එක්‌ක කවුද ඉන්නේ. හිරෙන් එලියට ආපු වෙලාවේ ඉඳන් වටේ ඉන්න කට්‌ටිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ඒ අය එක්‌කද මේක කරන්න යන්නේ. තනියම රටක් කරන්න බෑ මහත්තයෝ. අනික ඔබතුමා හමුදාව පාලනය කරපු විදිහට රටක් පාලනය කරන්න බෑ. ඔබතුමාට දක්‍ෂ යුද්ධයට මිසක් දේශපාලනයට නෙවෙයි. දැන් රට පාලනය කරන මිනිස්‌සු හොඳයි කියනවා නෙවෙයි.. අවුරුදු ගාණක් දේශපාලනය කරපු දැන් රට පාලනය කරන කට්‌ටිය ඔහොම නම්.. ආධුනික ඔබ තුමා ආවොත් කොහොම තියෙයිද ? කරන දෙයක් හොඳ කල්පනාවෙන් හා ඊට සුදුසු පුද්ගලයන් සමග කරන්න..
පමණ දැන කටයුතු කරන්න...
ඒත් රටේ කරැමෙ ඉවරද කියල කියන්න දන්නෙ නෑනෙ...
නෙලී ,ජනරාල්තුමා ජීවිතය අපි හිතන විදිහට ගත කරන්න කැමති කෙනෙක් නෙවෙයි.මමත් ඔයාගේ අදහස අනුමත කරනවා.එත් එතුමාගේ පුද්ගලික අදහස් උදහස් අපි දෙන්න හිතන විදිහටම වඩා වෙනස්.
ඔනෙලිගේ අදහසට මමත් එකඟයි.කර්මය විපාක දෙන විට කිසිදු පුද්ගල තරාතිරමක් නැත. මමත් පෞද්ගලිකව මගේ නරක දශා කාලවලදී කිසිදු හේතුවක් නැතිව විශාල කරදර,දුක්,අපවාද,ඇණුම් බැණුම් ආදී දුක්ඛිත දේවලට අපමණ ලක්වී ඒවා විඳ ඇත.මේ ගෙවී යන්නේද මගේ පෞද්ගලික ජීවිතයේ කේතු මහා දශා කාලයයි.ඒක ලැබුවේ 2007 දී වසර හතක් කේතු මහ දශාව පවතිනවා. ඒක ගෙවෙන්නේ 2014 දී.එතකම් මට හරිහට කරදර හිරිහැර,නින්දා අපවාද ආවා.ඒවා මම මේ ආත්ම භවයේ සිදුකළ දේවල් වලට නෙවෙයි කියලා මට හොඳින්ම පැහැදිලියි.මගේ රැකියාව අහිමිවුනා.මම වාහන අනතුරුවලට ලක්වුනා.පෞද්ගලික ජීවිතයේ යම් යම් කරදර හිරිහැර ඇති වුනා.පදිංචි ස්ථාන නැති වුනා.මාව පැරලයිස් වුනා.තව නොයෙක් කරදර ආවා.ඒ සෑම දෙයක්ම මගේ කේතු මහ දශාව නිසා.ඒ නිසා මම කිසිවෙකුට වෛර කලේ නැහැ.කිසිවෙකු සමඟ තරහා නැහැ.මම හිතන විදිහට ජනරාල් ෆොන්සේකා මැතිතුමාටත් කර්ම විපාකය ඵල දීම අනිවාර්යයි. නමුත් පැහැදිලිව කියන්න ඕනේ.එතුමා මේ රටට කරපු සේවයට නම් මේ මුළු රටම එතුමාට ණයගැතියි කියලා.මම එහෙම නොකිව්වොත් මම කළගුණ නොදත් ආත්මාර්ථකාමියෙක් කියලා මගේ හෘද ශාක්ෂිය දෝෂාරෝපණය කරන නිසයි එහෙම කිව්වේ.මේක කිව්වා කියලා මට ඒකෙන් සිදුවන වාසියක් නැහැ.අවාසියක් මිසක.
දෙවන මෙහෙයුම කවදද? අපි බලා සිටින්නෙමු.....සදා ජය.........
මට විරුද්ධව වැඩ කිරීමේ ප්‍රථිඵල භයානකයි
මම නිකන් හිරේ ගියේ නෑ අර කෙලෙහිගුණ නැති කලවැද්දා තමයි වගකියන්න ඕනි
ජීවිතය විදින්න.. දේශපාලය එපා! අපි ඔබව සළකන්නේ යුධ වීරයෙක් ලෙසයි.
අස්ගිරි මහා නාහිමියන්ගේ උපදෙස් නම් ඉතාම හොදයි... ෆොන්සේකා මහත්තයෝ... ඔබතුමා වෙනුවෙන් කිබුල් කදුලු හලපු උත්තමයො ටික අයෙත් ඔබතුමාව ගිලගන්න බලාගෙන ඉන්නවා... කරුනාකරලා මේ අයට අහුවෙන්න එපා... ඒ වගේම අමතක කරන්න එපා ඔබතුමාට නිදහස දුන්නෙ කව්ද කියලා...!
නිදහස් වෙන්න වරදක් කළායැ.බොරු චෝදනා දාලා හිරගත කරන් හිටියා මිසක්
පොන්සේකාගේ කරුමෙ ඉවරයි.ඒත් එයාගේ කට හින්දා රටට කරුමයක් වෙයිද දන්නේ නෑ
නිදහස දුන්න අයම නේද නිකරුනේ හිරේ දැම්මෙත්?
හැම දේම වෙන්නේ ලබා උපන් හැටියටනේ
බලමු උරුමේ මොකක්ද කියලා....
කට නිසා මෙච්චර අමාරුවක වැටෙයි කියල කවුද දැනන් හිටියේ ?
අරුමෙ තමයි නිදහස්වුන එක. කරුමෙ තමයි මෙ දේශපාලකයෝ වටකරන් ඉන්නඑක. උරුමෙ තමයි ඔබ එකෙන් නිදහස්වෙනඑක.
කතාව පරිස්සමෙන් බලන් ඉන්නේ කොහොම අල්ලගන්නද කියල ඒකට ඉඩ තියන්න එපා
ඉතා හොද අවවාදයක්
අපේ කරුමය නැති කළේ එස් එෆ්. අයාට ගොඩක් පින්.
අනිත් වසර හත ?????????
මහනාහිමියන් කතාකරන්නෙ හරියට ජෙනරාල්තුමා ඉබේම හිරගෙට "වැටුණා" (හිරගෙට "දැම්මා" නෙමේ හිරගෙට "වැටුණා")වගේ නෙ..රටේ මිනිස්සු තමන්ට වෙන හැම අසාධාරණයක් ඉදිරියේම "මේක අපේ කරුමෙ" හෝ "මේවා වෙන්නෙ කරුමෙට" යනුවෙන් සිතා, අසාධාරණයට විරුද්ධව කටයුතු නොකර සිටීමෙන් වෙන්නෙ අසාධාරණ ක්‍රියාවන් තව තව වැඩිවෙන එක..
ජෙනරාල්තුමා දැන්වත් නම්බුව තියාගෙන හිටීවි කියලා මහජනතාව බලාපොරොත්තු වෙනවා. තමන් ගැන අධි තක්සේරු නොකර යුද්ධය කරා වගේ එකතුවෙලා අපේ රට ගොඩ ගන්න තැනට වැඩ කරන්න. මේවා හොද පාඩම් කියලා හිත හදාගෙන අනුන්ගේ පරදේට නටන්නේ නැතුව ඉදිරි වැඩ කටයුතු කරාවි යැයි සිතමි.
ජෙනරල්ගෙ නම්බුවත් ඒයාට මිනිසුන්ගෙ ගෞරවයත් ඒදත් තිබුන අදත් තියෙනව ඒවගෙම ඉදිරියටත් තියෙවි.ඔබ ගැන හරියට දන්නෙ නැති අය තව තව දෙවල් කියාවි.ඒවාට කම්පා නොවී තවතවත් ඉදිරිටයම යන්න.ජෙනරල් ඔබ කව්දැයි දන්නා අය දනිති.ඔබටත් රටෙ ජනතාවටත් ජයම වෙවා !
බලාගෙන හිටියොත් රට ඉවරයි.දැන් විපක්ෂයකුත් නෑනේ රටේ
සරත් ෆොන්සේකා මහතා ගැන දන්න අය ඉන්නවා. බොරුවට කියවන අය තමයි ළඟදි දැන ගෙන උපන් දා ඉඳන් දන්නවා වගේ කියවන්නේ.
ගෙවුවේ කරුමේ නම් ඒක ඉතිං ගෙවන්නම එපායැ.දැන් කරුමේ ඉවර නම් ඒක ගැන සතුටු වෙන්න
ජෙනරල්, ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්