(මනීෂා වීරසිංහ)
මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් මේ තරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ යැයි මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවිය සඳහන් කළාය.
ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුළුණි මෙත්සරා සිසුවිය මෙසේද කීවාය.
මම පළමු වසරේ සිට අ.පො.ස සා.පෙළ විභාගය දක්වාම අධ්‍යාපනය හදාරනු ලැබූවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මගේ විභාගය සඳහා සූදානම් වීම ගත්තහම මම කිසිම අමතර පන්තියකට සහභාගී වුණේ නැහැ. පාසලෙන් තමයි මම ලබපු ජයග්‍රහණයට ශක්තිය ලැබුණේ. විශේෂයෙන් මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු විෂයන් සියල්ලම ඉගැන්වූ ගුරුවරු සියලුම දෙනා විශාල සහයෝගයක් දැක්වූවා. මට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ගුරුවරු හමුවෙලා මගේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් ලැබුණා.
ඒ වගේම තමයි මම පාසල් ඉවර වෙලා ගිහින් විෂයන් කටපාඩම් කිරීමට සීමා නොවී ස්වයං අධ්‍යනයක් කරමින් පාඩම් කටයුතුවල නිරත වුණා. ඒ වගේම විෂයයක් විෂයක් විදිහට දකින්නේ නැතිව විෂයක් තමන් ආස කරන තවත් එක් දෙයක් විදිහට අවබෝධ කරගන්න පුරුදු වුණා. මම අධ්‍යාපන කටයුතුවලට අමතරව මම විෂය බාහිර කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා. මම ඉදිරියේ දී ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා.
සාර්ථක ප්‍රතිඵලය ලැබපු කෙනෙක් විදිහට ඉදිරියේ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන පණිවිඩය තමයි, මට විභාගයට පාඩම් කරන තැනේ ඉඳන් මේ දක්වා මට සහය වූ දෙයක් තමයි සතිමත් බව නැතිනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම. පාඩම් කරන වේලාවේ වගේම, විභාගයට මුහුණ දෙන වෙලාවෙත් එළඹ සිටි සිහියෙන් කටයුතු කලොත් මානසික පීඩනය, මානසික ආතතියෙන් මිදිලා මනස නිරවුල්ව තබාගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ දේ ඔවුන්ගේ ජීවිතවලට ද ප්‍රායෝගිකව යොඳා ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ.
වෛද්‍ය නන්දික රොෂාන් මහතා කුළුණි මෙත්සරා සිසුවියගේ පියා වන අතර මව වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මියයි. සිය දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මව වන වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.
මගේ දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තියෙන්නේ නිහතමානී සතුටක්. දුවට පාසලෙන් ලැබුණ සහයෝගය, මගපෙනවීම වගේම දුවගේ උත්සහය නිසා තමයි අද මේ ජයග්‍රහණය ලබා ගත්තේ.
මියුසියස් විදුහලේ විදුහල්පතිනි සංජීවනි බණ්ඩාර මහත්මිය,
අ.පො.ස සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛයන් අතරට එන එක සාමාන්‍යකාරණයක් නෙමෙයි. එනිසා අප විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය විදිහට ආඩම්බර වෙන වගේම සමස්ත ගුරු මණ්ඩලය ඇය ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා.
ඊට අමතරව කුළුණි සම්බන්ධයෙන් ආඩම්බර වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි කුළුණි අධ්‍යාපනයට විතරක් නෙමෙයි පාසලේ පෙරදිග සංගීත අංශයට ලොකු දායකත්වයක් දැක්වූ දුවෙක්. මැය තමයි පාසලේ පෙරදිග සංගීත අංශයේ නායිකාව වගේම පෙරදිග සංගීත වෘන්දයේ නායිකාව. ඒ වගේම පාලි හා සංස්කෘත භාෂාවන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි මෙම දියණිය භාවනාවට නැඹුරු වුණ කෙනෙක්. දැන් ඉන්න දරුවන් එක්ක ගත්තහම මේ දැරිය හරිම සුවිශේෂී වන්නේ ඒ නිසා.
ඒ වගේම අමතර පන්තිවලට සහභාගී නොවී කොහොමද මේ ජයග්‍රහණය ලබාගත්තේ යන්න සම්බන්ධයෙන් අපි පුදුම වුණා. ඒ අවස්ථාවේ දියණිය කියා සිටියේ ගුරුවරුන්ගේ හැකියාව, ස්වයං අධ්‍යයනය වගේම එයාට ලැබුණු අවස්ථා වලදී විෂයන් ආවරණය කරගත් බවයි. මේ දියණියගේ ජයග්‍රහණය පසුපස මම දකින සුවිශේෂීම දෙය තමයි ඒ නවයක්, විශිෂ්ට ස්ථානයක් ඕනෑම දරුවෙකුට ගන්න පුළුවන් නමුත් ගුණවත් දරුවෙක් වෙන්න හැමෝටම බැහැ යනුවෙන් මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය සජීවනී බණ්ඩාර මහත්මිය අප සමඟ පැවසීය.
ඡායාරූප : (සුමුදු හේවාපතිරණ)
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’
Daniel Fernando, Ph. D. Wednesday, 30 October 2024 04:06 AM
කුළුණි මෙත්සර මහත්මියට සුභ පැතුම්. තව තවත් බැබලේවා