
(විමුක්ති එස්. රුද්‍රිගු)
මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකුට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වී තිබේ.
කාල් ඩයිසරොත්, පීටර් හීගමන් සහ ගියෝග් නාගල් යන විද්‍යාඥයින්ට මෙලෙස මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිව ඇත. එම සොයාගැනීම මඟින් ආලෝකය යොදාගෙන තෝරාගත් ස්නායු සෛල ක්‍රියාත්මක කිරීමට පර්යේෂකයන්ට හැකි වී ඇත. එම සෛල ක්‍රියාත්මක කළ විට ඇතිවන වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන්, මොළයේ ඒ ඒ කාර්යයට දායක වන සෛල හඳුනාගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබේ. මෙම පර්යේෂණ ක්‍රමය හඳුන්වන්නේ ‘ඔප්ටොජෙනෙටික්ස්’ ලෙසය.
හීගමන් සහ නාගල් මුලින්ම සොයාගෙන ඇත්තේ ඇල්ගීවල තිබෙන, ආලෝකයට ප්‍රතිචාර දක්වන ප්‍රෝටීනයකි. ඩයිසරොත් එම සොයාගැනීම යොදාගෙන ස්නායු සෛල ආලෝකයෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මෙවර ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ බව සඳහන් වෙයි. වෛද්‍ය විද්‍යා නොබෙල් ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් එකමුතුව මගින් වන අතර, ජයග්‍රාහකයින් කිහිපදෙනෙකු සිටින අවස්ථාවලදී ඩොලර් මිලියන 1.2ක එම ත්‍යාග මුදල ඔවුන් අතර බෙදී යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කෙසෙල් ගෙඩිය නැට්ට, එයාට මොකුත් නැතෙයි .