‘‘උතුරේ ප්රශ්නය අපි හිතනවාට වඩා වෙනස්‘‘ - ඇමති වජිර අබේවර්ධන කියයි උතුරු නැගෙනහිර ජනතාවට ඇති ගැටළුව දේශපාලකයන් ලෙස අපි සියලු දෙනාත් රජයේ නිලධාරීන් සියලු දෙනාත් හොඳින් තේරුම්ගෙන කටයතු කිරීම අත්‍යාවශ්‍ය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 22 July 2017
’ශ්රීලනිපය ඉදිරියේ ඡන්ද වලට එන්නේ අත ලකුණෙන්’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරග කරන බවත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව හංසයා ලකුණ යටතේ තරග කිරීමට කිසිම බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (20) පැවසීය. 21 July 2017
’මේ ආණ්ඩුව දැන් තියෙන්නේ මරියානා අගාධයේ : ආයෙත් ගොඩ ඒමක් නෑ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීරණය තවදුරටත් කල් දැමීමෙන් අලියා ගිල්ල දිවුල් ගෙඩියට සිදුවූ දෙයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (20) පැවසීය. 21 July 2017
ශ්‍රීලනීප මන්ත්‍රීන් ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුත් ඉන් ඉවත් වන්නේ නැතැයි එම පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 20 July 2017
’යම් පක්ෂයක් ඡන්දය වර්ජනය කළොත් රටට හොඳ නෑ’ ‘‘සියලූදෙනා සතුටුවන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පළාත් පාලන ඡන්දයට යා යුතු බවත්, යම් පක්ෂයක් ඡන්දය වර්ජනය කළහොත් මේ අවස්ථාවේදී එය රටට හොඳ නැති බවත්’’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 20 July 2017
’මුදල් විශුද්ධිකරණයෙන් ත්රස්තවාදීන් බලවත් වෙනවා’ මූල්‍ය කළමනාකරණයේදී තිබිය යුතු පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙරේදා (17) පැවසීය. 19 July 2017
මොන ප්‍රශ්න ආවත් කුණු ප්රශ්නය ඉවර කරනවා පෙර පැවැති කිසිම රජයකට විසඳන්නට නොහැකි වූ කැළි කසළ ගැටලූව කුමන විවේචන ආවත්, තවත් රජයකට උරුම නොවන සේ විසඳා අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) පැවසීය. 18 July 2017
ජාතික ආණ්ඩුව වැඩ කරන්නේ වාසි බලාගෙන නෙමෙයි ”යහපාලන ජාතික රජය රට සංවර්ධනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ විශේෂ වාසියක් ගැනීමේ අරමුණෙන් නොවේ” යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පන්නිපිටියේදී පැවැසීය. 18 July 2017
’එජාපය සමඟ සන්ධාන ගත වෙන්නේ නෑ’ - ජයම්පති ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරඟ කළත් එජාපය සමඟ සන්ධාන ගතවන්නේ නැතැයි එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පැවැසීය. 17 July 2017
ශ්‍රීලනිප - එජාප දීගය බිඳ වැටෙයිද ? පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා කැබිනට් මණ්ඩල හමුවේ දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිළිබඳ නැවත වතාවක් සාකච්ඡා කැරිණ. 17 July 2017
ආණ්ඩුව ඉවරයි - හිටපු ජනපති මහින්ද කියයි දේශීය සිනමාවේ හා නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් පියවර ගන්නා බවට දහසක් පොරොන්දු දෙමින් පසුගිය මහ මැතිවරණයේදී වත්මන් පාලකයින් කලාකරුවා සමග ඇතිකරගත් සම්මුතීන් එකින් එක බිඳ දමමින් අද කලාකරුවා අතරමං කර දමා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 17 July 2017
මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසිකර ගෝඨාභය හිරේ යවන්න හදනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ රජයේ සැලසුමක් තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අනුරාධපුරයේදී පැවසීය. 17 July 2017
රාජපක්ෂ රජයෙන් උරුමවූ විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය කළමනාකරණය කර ගත හැකිවීම ආශ්චර්යක් නියඟ-ගංවතුර ආදී ස්වභාවික විපත් ද, ණය කඳු, කුණු කඳු ආදී රාජපක්ෂ රජයෙන් උරුම වූ විපත්වලට ද මුහුණ දෙමින් ආර්ථීකය කළමනාකරණය කර ගැනීමට හැකිවීම යහපාලන ජාතික රජයේ සැබෑම ආශ්චර්යය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෙළුවේ දී පැවැසීය. 17 July 2017
’’කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන් නෑ’’ කැමති ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ආණ්ඩුවෙන් පිටව යාමට හැකි බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 16 July 2017
“එජාපයේ මන්ත්‍රීවරුන් ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ“ “එජාපයේ මැතිඇමතිවරු ගන්න සමහර තීන්දු අපිට මේ රජයේ ඉන්න බැරි තත්ත්වයට පත්කරපු අවස්ථා තියනවා. අපේ ඉන්න මැතිඇමතිවරු කිසි ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. නමුත් එජාප ඇමතිවරු ජනතාවට ඇහුම්කන් දෙන්නේ නෑ. “යැයි වරාය හා නාවුක නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 16 July 2017
රාජ්‍ය සේවකයන්ගේ වගකීම රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීමය සමස්ත රාජ්‍ය සේවකයන් ඉදිරි වසර කිහිපය තුළදී සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (12) පැවසීය. 14 July 2017
අද වනවිට ත්‍රස්තවාදය අලූත් මුහුණුවරක් අරන් ‘‘සාර්ථකත්වය කරා යාමට ඇති එකම මඟ සාර්ක් රටවල් අතරේ ශක්තිමත් ද්වි පාර්ශ්වික සබඳතා ඇති කර ගැනීම යයි’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 14 July 2017
මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. 11 July 2017
බුදුදහම පළමුව රකින බවට ව්‍යවස්ථාවේ සඳහන් වුවත් පස් වසරකට පෙර එම ආරක්ෂාව ලැබුණේ නෑ බුදු දහමට ප්‍රමුඛස්ථානය දී ආරක්ෂා කරන බවට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන නමුත් මීට වසර පහ හයකට පෙර එම ආරක්ෂාව බුදු දහමට ලැබුණේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී සෙනසුරාදා (8) පැවැසීය. 10 July 2017
බෙදුම්වාදී දොළපිදේනිය තීරණාත්මකව පරදවන්න ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඉවත්වෙන්න බෙදුම්වාදී දොළ පිදේනිය සමග සම්බන්ධ නොවී එය තීරණාත්මකව පරාජය කිරීමට ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් හා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (9) පිටකෝට්ටේ දී පැවසීය. 10 July 2017
අවුරුදු පහකට කලින් මිනිස්සු බයවුණේ කොටියට දැන් මදුරුවට 2015 මුළු අවුරුද්දේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58000 යි. මේ අවුරුද්දේ මැයි මාසේ වෙනකොට විතරක් ඩෙංගු රෝගීන් 70000 යි. ඒ කාලේ කොළඹ මිනිස්සු සතුටින් හිටියා, වරාය නගරය ගැන හිතලා නෙළුම් පොකුණ බලලා ලස්සන අලුතින් ඉදිවන මංමාවත් බලලා. අධිවේගී මාර්ග බලලා. ඒ විදිහට සතුටින් හිටිය කොළඹ මිනිස්සු දැන් සතුටුවෙන්නේ කුණු ලොරිය එනව දකිනකොට. 10 July 2017
’මුල් වසර දෙකේ අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළා’ රට අගාධයට ගියේ ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකි යැයි සිතූ පාලකයන් නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (5) පැවසීය. 06 July 2017
’’ප්‍රතිපත්ති පෑහීමක් නෑ : දෙන්නා දෙපැත්තට අදිනවා’’ ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති එකිනෙකට නොගැළපෙන බැවින් දෙදෙනා දෙපැත්තට අදිනවා මිස රටට වැඩක් නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලයේදී පැවැසීය. 05 July 2017
’’රූපවාහිනිය බලද්දි හිතෙන්නේ මේ රටේ ආණ්ඩුවක් නෑ කියලා’’ රත්නපුරේ පරිසර හානිය වැළැක්වීමට සියලූ දෙනා තම වගකීම් ඉටු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරයේදී ඉකුත්දා පැවැසීය. 05 July 2017
’ආණ්ඩුව ජනතාවගේ අහිසංක ප්‍රාර්ථනා කොල්ලකනවා’ මුදල් නෝට්ටුව තරම් සියයට සියයක විශ්වාසයක් තිබිය යුතු ලොතරැයි පත් මුද්‍රණයේදී පවා ආණ්ඩුව මේ රටේ හඬක් නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අහිංසක ප්‍රාර්ථනා කොල්ලකමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (2) පැවැසීය. 04 July 2017
’ආණ්ඩුවට විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න වුවමනාවක් නෑ’ දෙමළ සංධානයේ මංත්‍රීවරුන් නව ව්‍යවස්ථාව පිළිබඳව එකක් කියන බවත් ආණ්ඩුව තව එකක් කියන බවත් පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථාව පෙඩරල් ව්‍යවස්ථාවක්ද යන්න සැක මතුවන බව පවසයි. 04 July 2017
’රජයේ ප්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීමයි’ රජයේ ප්‍රතිපත්තිය ළඟම පාසල හොඳම පාසල කිරීම බවත්, ගමේ පාසලට සියලූ සම්පත් ලබා දීම සඳහා අධ්‍යාපනයට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බද්දේගමදී සෙනසුරාදා (01) ප්‍රකාශ කළේය. 04 July 2017
උපරිම බදු සහනදී සමුපකාරය ගොඩගන්නවා උපරිම බදු සහන ලබාදී සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුරුණෑගලදී පෙරේදා (01) පැවැති 95 වන ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කළේය. 03 July 2017
දේශපාලකයන් තමන්ගේ පැවැත්මට ආගම් බේද ජාතිබේද ඇතිකරනවා වෙහෙර විහාරස්ථාන නගාසිටුවීමට රජය මීට වඩා ආධාර උපකාර කළ යුතුයි. විශේෂයෙන් ග්‍රාමීය දුෂ්කර ගම්මානවල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුදබිම් ආරක්ෂා කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. 03 July 2017
’නීති පද්ධතිය සවිමත් කර එන අවුරුදු දෙකේදී මත් උවදුර පාලනය කරනවා’ ‘‘අන්තරායකර මත්ද්‍රව්‍ය මැඩලීමේ නීති පද්ධතිය ශක්තිමත් කර ඉදිරි වසර දෙක ඇතුළත මත් උවදුර පාලනය කරන බව’’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 29 June 2017
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026