එළියේ සිටින අප අඳුරට බියපත්ව
හඬනා කලට නුඹ සිටියේ තැන්පත්ව
එළියේ තැවෙන විට අප හද හෙම්බත්ව
හිටියේ අඳුර විඳ විඳ නුඹ දැනුවත්ව
අපටත් වඩා ආලෝකය කියවමිනි
මැදිහත් සිතින් ඝන අඳුරේ කිමිදෙමිනි
පොහොසත් හදින් විඳිනා දුක අනුහසිනි
පැහැපත් කවිය පිරුණේ බෝසත් පෙමිනි
අඳුරක නොවේ එළියෙ දි අතපත ගෑව
පුහුදන පිඹින කල ජීවන හොරණෑව
අඳුරෙන් නෙලාගෙන කවි මල් පලදාව
උපුලා හදවතින් ගැලුවෙ ම කරුණාව
ඉකිලන ලොවක කඳුළක සිහිලස ගිහිණී
පිරිසිඳ ගලන සුවිපුල් හැඟුමින් පොහොනී
විනිවිද දකින අඳුරක රස අනුහසිනි
නුඹ හදමඬල පතුලෙ ම කවි පිළිසිඳුණි
තුන්බිය විඳින නූපන් කලලයක පටන්
ගින්දර ගිලින සංසාරික නපුර යටින්
සුන්දර සිහින ගෙන පෙම්බර හදක උපන්
අම්බලමක දි හමුවී කවි කියමු මචං
මතකය දිගේ දාඩිය රස අතුරාන
නොකියන රිදුම් උඩ සිතුවිලි මතුරාන
කකියන හැඟුම් ගඟ කවියක අතුරාන
අපමණ පෙමින් දොඩමළු වෙමු මිතුරාන
“Draw me a lion.” So I set my pen to work. Produce a lazy, kindly beast . . . Colour it yellow.
එළියේ සිටින අප අඳුරට බියපත්ව හඬනා කලට නුඹ සිටියේ තැන්පත්ව එළියේ තැවෙන විට අප හද හෙම්බත්ව හිටියේ අඳුර විඳ විඳ නුඹ දැනුවත්ව
දිනේ පටන් ඔබ හැඳින්න ඔබ දුන් මල් බෑ ගණින්න අඳුර නසා එළිය දුන්න ඔබට දෙන්න කවි වහින්න!
මනා රුවින් තෙලඹුව උඩ සිටින ලියේ සිනා බසින් දනමන තුටු කරන ලියේ දිලේ නුවන් නිල්මිණි පරදවන ලියේ ඉතා සැණින් බැස පල ස්වර්ණමාලියේ
වීදි සරනා මවක දුටුවෙමි දෑස කඳුළින් තෙමි අඳවුනු ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව නොමළ බිලිඳෙකි සෙමින් මියයන
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
උපුලා