ඡන්දය දුන්නේ මේ අය දිනවන්නද?


නෙයියාඩම් නටනවා, පුංචි ළමයි වාගේ  
මැති ඇමැතිලා රටෙ විකට නළුවන් වී වාගේ  
ඡන්දය දුන්නේ මේ අය දිනවන්නද අපිත් අනේ ...?  
පිස්සු කෙළින හැටි පේනවා නාගෙන දිය වන්නාවේ  

ඔලුගෙඩි බඩ ලොකුවුණාට මොන්ටිසෝරි ළමයි වාගේ  
ගෙදර ඉන්න මව්පියන්ව ඈඳගෙනයි රණ්ඩු දබර වෙන්නේ  
ඇත්තට මෙහෙම ගියොත් අනාගතේ රට වැසියට වෙන්නේ  
ඉල්ලන එක විතරයි හෙණ ගෙඩිත් පිටරටින් පුතේ  

උගතුන් පෑගිලා නූගතුන් රජ කරවන මේ ක්‍රමයේ  
පීලි මාරු කළත් ආණ්ඩුව යන්නේ එකම මාර්ගයේ  
වෙනසක් තමා රට යන විදිහට බැලුවම ප්‍රපාතයේ  
මෙලෙසින් තමා ලෝකේ තුන්වෙනි රටවල් පසු කෙරුවේ  


පැරිස් නුවර  
හේමා කටුකුරුන්ද