(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉල්ලක කර එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබනු ලබන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි කළ ඉල්ලීම කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා අද ප‍්‍රතික්‍ෂෙප කළේය.

සිංගප්පූරූ රෝහලකදී කළ හෘද සැත්කමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා එම රෝහලට යා යුතු බව පෙන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත‍්‍රාත්වරයා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළේය.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉල්ලක කර එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබනු ලබන විමර්ශනයට අදාළව රහස් පොලිසිය මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අංශ බුද්ධි නිලධාරීන් කිහිපදෙකුට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණය විදේශ ගමන් තහනමක් පවතා ඇත.

එලෙස පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරවා ගැනීම ස`දහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මෝෂමක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.