
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ පළමු වරට මධ්‍යම තැපල් හුවමාරුවේ ආදායම රුපියල් බිලියන හතර ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ටැබ්ලට් පරිගණක 1,500ක් වෙනුවෙන් රුපියල් මිලියන 101ක් සහ තැපැල් කාර්යාල සඳහා නව පරිගණක 225ක් වෙනුවෙන් රුපියල් මිලියන 74ක් ආයෝජනය කර ඇතැයිද තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය සහ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස, 2025 සහ 2026 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා තැපැල් සේවය සිය ඉලක්කගත ආදායම් සීමාවන් ඉක්මවා යාමට සමත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd