මෙසීනා අධ්‍යාත්මික පිය ගරු නෙවිල් රංජිත් පියතුමා පූජක දිවියේ 25 වැනි සංවත්සරය සැමරූ වගයි


 

1982 වසරේ ගරු සහෝදරතුමෙක් ලෙස පළමු පොරොන්දු දීමෙන් පසුව මග්ගොන වෙන්නප්පුව ආරාමයටත් 1984 වසරේදී මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළුවී 1986 දී දර්ශනවාදය හැදෑරීමෙන් පාසල් සේවා සඳහා ගරු නෙවිල් පියතුමා හලාවත ශාන්ත මරියා පාසලට තේරී පත්විය.  


1989 වසර ආරම්භයේදීම දේව ධර්මය හැදෑරීම සඳහා ඉන්දියාව බලා ගිය මෙතුමා 1992 පෙබරවාරි මස දේව ධර්මාචාර්ය උපාධිය ලබා ලංකාවට පැමිණ තේවාචාර්යවරයෙක් ලෙස ජාඇල වික්ෂෝප මාතා දෙව් මැදුරේ පූජකවරය ලබාගත් මෙතුමාගේ පූජක දිවියට දැන් වසර 25 කි.  


ගතවූ වසර 25 තුළ පූජක දිවිය සඳහා සොහොයුරන් පුහුණු කරන සහ උගන්වන ගුරුවරයෙක් ලෙසද, කළ සේවය ඉතා අගනේය. 2008 වසරේ පළමු වරට ඉතාලියේ සිසිලි දූපතේ caltagirone නගරයට සම්ප්‍රාප්ත වන ගරු නෙවිල් රන්ජිත් පියතුමා රමක්කා නම් ගම්මානයේ නැවතී සිරකුසා සංගමයේ උපාධ්‍ය පියතුමා ලෙස සේවය කළේය.  


2016 ජුලි මස 3 වැනිදා සිට මේ දක්වා මෙසිනා කිතුනු සංගමයට සේවය ලබාදෙන මෙතුමාගේ බලාපොරොත්තුව මෙතුමාගේ සේවය මෙසිනා ශ්‍රී ලංකික කිතුණු සංගමයට අවශ්‍ය වන අවසාන මොහොත දක්වා රැඳී සිටීම බව පවසයි.  


ගරු නෙවිල් රන්ජින් පියතුමෙනි ‘‘මුළු සිසිලියේම වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාව ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය මැද තව තවත් සේවය කරන්නට වරම් වරප්‍රසාද ලැබේවායි එක සිතින් සුබ පැතුම් ගෙන එන්නෙමු.’’  


කාන්ති රතුගම  
කතානියා, ඉතාලිය.