රෝමයේ ශාක්‍යමුණි විහාරයේ වස් ආරාධනා පිංකම ජූලි 2 දා


දුර්ලභව දුෂ්කරව ලැබූ අප මනුෂ්‍ය ජීවිතයේදී සසර මඟ කෙටි කර ගැනීම සඳහා කුසල් රැස් කර ගැනීමට භාග්‍යයක් වූ වසරකට එක් වරක් පමණක් සහභාගී විය හැකි කඨින චීවර පූජාව සඳහා වස් ආරාධනා කිරීම ඇසළ මස එනම්, ජුලි මස දෙවැනි ඉරු දින (2.7.2017 වැනි දින) ශාක්‍ය මුණි විහාරයේදී විහාරස්ථ ද‌ායක පින්වතුන් විසින් සිදු කරනු ඇත. ජුලි මස 9 වැනි දින ඇසළ පුර පසළොස්වක පොහොය යෙදී ඇති බැවින් පෙර වස් වැසීම සඳහා ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීමේ පිංකම ජුලි මස 2 වැනි ඉරු දිනට සියලූ කටයුතු සූදානම් කර ඇත. 


එදින දවස පුරා පිංකම් රාශියකි. ශීල භාවනා වැඩසටහන, ජාතක කතා ඇසුරෙන් දහම් කරුණු අවබෝධ කර දීම, බුදු පියාණන් අභියස දහවල් බුද්ධ පූජාව පූජා කිරීම සහ මහා සංඝරත්නයට, උපාසක උපාසිකාවන්ට ද‌ානය පිරි නැමීම සඳහා ද විහාරස්ථ ද‌ායක සභාව සැලසුම් කර ඇත. 


ජුලි මස 2 වැනි ඉරු දිනයෙන් ඇරඹෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් සමාදන් වී සිටින තුන් මාසය පුරාවට සෑම ඉරු දිනකම දම්සක් පැවතුම් සූත‍්‍රය සජ්ඣායනා කරනු ඇත. ඒ අනුව වස් තෙමස තුළ සෑම ඉරිද‌ාවකම විශාල පිංකම් රාශියක් සිදු කරනු ඇත. 
ශාක්‍ය මුණි විහාරයේ ද‌ායක පින්වතුන් සියලූ දෙනාම සෑම ඉරුදිනකම මල් පහන් ගිලන් පස රැගෙන විත් බෝධි පූජා පවත්වන බැවින්. දුර්ලභව, දුෂ්කරව ලැබූ මිනිසත් භවයේ නියම ප‍්‍රතිඵල ලබා ගැනීමට ශාක්‍ය මුණි විහාරයේ පැවැත්වෙන මෙම උතුම් පිංකම් සඳහා සහභාගී වෙන මෙන් රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් වෙත මෙත් සිතින් කරන ආරාධනයයි මේ. 
​ෙප්‍ර්මා කංකානම්ගේ - රෝමය