තමා විසින් නිමැවූ දහස් ගණන් නිර්මාණ අතර ගායනයෙන් දායක වූ ගීත ස්වල්පයක් වූව මේ වසරේදීත් අලුත් ගීතයකට ගායනයෙන් දායක වන්නට රෝහණ වීරසිංහයන් අමතක නොකළේය. මේ මගේ හිත කරදරයි ගීතය පිළිබඳව සාරවිට සමග දැක්වූ අදහස්වල ගොනුවක්.
"මගේ හිත කරදරයි" තමයි මා මෑතකදී ගැයූ නවතම ගීය. පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ උත්සවයකට තමයි මේ ගීතය ගැයුවේ. එහි ගුරු මහත්මයෙකු වන ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර රචනා කර දුන් පදමාලාව හොඳ තත්ත්වයේ තිබුණා. එනිසාම මමත් එයට උනන්දුවෙන් තනු නිර්මාණය කළා. එහි තිබුණේ බොහොම භාවාත්මක අදහසක්. එයට ගැලපෙන තනුවක් නිර්මාණය කළා. ඒ තනුවත් භාවාත්මක අයුරින් ගායනා කරන්න තරම් ගුරු මණ්ඩලයේ කෙනෙක් ඉදිරිපත් නොවුණු නිසා සහ එහි වැඩ කටයුතු අහවර කළ යුතු නිසයි මම එය ගායනා කළේ. නැතිනම් ගීත ගායනය එතරම් කැමති කටයුත්තක් නෙවෙයි. එය තමයි ගීතයේ කතාව.
එහි රූපරචනයත් ලලිත් ආතාවුද විසින් සිදුකර තිබුණා එහි නිෂ්පාදකවරයා වුණේ අචිර අබේකෝන් මහතායි. ඒ ගීතය පිළිබඳ ඉන්ද්‍රප්‍රිය තුළ තිබූ සුවිශේෂී බලාපොරොත්තුව නිසා ජනගත කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කර තිබුණා. එනිසයි විය හියදම් නොබලා රූපරචනයක් සිදුකොට ගීතයට ඇල්ම ප්‍රකාශ කරන්නයි ඔහු මහන්සි වුණේ. එනිසාවෙන්ම එය හොඳ නිර්මාණයක් ලෙසින් එළිදැක්වී තිබෙනවා. එය මටත් සතුටුදායක කාරණයක්.
සටහන ඉඳුනිල් සින්දු