තඹුත්තේගම රාජාංගනය පාර 03 කණුව බස්නැවතුම්පල ආසන්නයේදී පොලිසියෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනකු දමා ගිය ගිනි අවියක් සහ උණ්ඩ නවයක් සොයාගත් බව පොලිසිය කියයි.
නිකවැරටිය කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් තොස්තාපල්වරයකු රාජකාරි වාර්තා කිරීම සඳහා ගමන් කරමින් සිටියදී සැකකටයුතු යතුරු පැදියක් නවතා පරීක්ෂා කර ඇත.
එම පරීක්ෂාවේදී යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයකු සන්තකයේ තිබි රිවෝල්වර් අවි සඳහා යොදන පතුරම් 04 ක් හමුවී ඇතැයි පොලිසිය කියයි. ඒ අවස්ථාවේ එම යතුරුපැදියේ පැදිකරු යතුරු පැදිය දමා පලා ගොස් ඇති අත. පසුපැදිකරු නිලධාරියාගේ යතුරු පැදිය රැගෙන පලා යාමට උත්සාහ කිරීමේදී නිලධාරියා එම පුද්ගලයා සමඟ පොර බදද්දී යතුරු පැදිය පෙරලී ඇති අතර සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම් දීමෙන් පසු තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිදුකළ සෝදිසියේදී එම ස්ථානයට ආසන්නයේ මාර්ගයේ සැකකරුවන් අතහැර ගිය රිවෝලවර් අවියක් හා එම පතුරම් 05 ක් හා සැකකරු වන් පැමිණි යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd