අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගෙ සුවදුක් විමසීමට හා ඔවුන්ට ආධාර උපකාර කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අරණායක දෙබත්ගම පන්සලට ගියේය.
මුදල් ඇමැති රවී කරුණානායක, අපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද අගමැති සමග පැමිණ සිටියහ.