(යොහාන් භාසුර)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ටු 19ක් සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
අමුත්තන් පෙන්වීමේ රාජකාරී නියුතු බන්ධානගාර නිළධාරිනියක් කළ සෝදිසි කිරීමේදී මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව සිය ස්වාමිපුරුෂයාට තහනම් ද්‍රව්‍ය ලබා ලබා දීම සදහා පැමිණ ඇති බවත් ඒ මහතා කීය.
අදාල මත්ද්‍රව්‍ය සහ කාන්තාව ඉදිරි නීතිමය කටයුතු සඳහා අගුණකොලපැලැස්ස පොලිසිය වෙත බාරදීමට කටයුතු කළ බව කී දිසානායක මහතා සිදුවීම සම්බන්ධනයෙන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.