(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බට ලන්ද පමණක් නොව සෙසු වධකාගාර ගැන කතා කිරීමටත් ඕනෑ තරම් කල් තිබෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බටලන්ද වධකාගාරයේ පමණක් නොව තවත් වධකාගාර රැසක් ඒ කාලේ තිබුණා. අපි ඒ ගැනත් කතා කරමු.අපිට ඒ වධකාගාර ගැන කතා කරන්නත් කල් තියෙනවා.උතුරේ උනත් දකුණේ උනත් අපරාධ වලට වග කිව යුතු අය නීතිය හමුවට පමුණුවන්න අප පසුබට වන්නේ නැහැ. 88-89 භීෂණයට වගකිව යුත්තේ එවකට පැවති එජාප රජයයි. බටලන්දේ වින්දිතයන්ගේ පවුල් වල ඥාතීන් අදටත් ජීවත් වෙනවා.ඔවුන්ගේ දුක් කම්කටොලු ගැන අපට හැඟීමක් තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.