(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් දැනුවත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කළ ජාතික විෂය මාලා රාමුව

මෙහිදී අග්‍රාමාත්‍යවරිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහ නාහිමියන්ටත් අනු නාහිමිවරුන්ටත් පිළිගැන්වීය.

මහා නා හිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කීවේ 2027 වසරේ සිට 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බවයි. ගුරු පුහුණුව සහ නව බඳවා ගැනීම් නොවැම්බර් මාසය තුළ සිදු කිරිමට සැළසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.