(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ රටේ ජන ජීවිතය අඩාල කරන්නට ගරිල්ලා ත්‍රස්තවාදීන් කටයුතු කළා. මේ බටලන්ද නිර්මාණය වන්නේ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය නිසා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට අප චෝදනා කරනවා.
ජවිපෙ පව් හෝද ගන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරන්න සහය දුන්නා කියලා. ඔවුන් බොරු දේශප්‍රේමය කාවද්දලා ජනතාව රවටා මිනීමරුවන් බවට පත් කළා.ජන ජීවිතය එහෙම් පිටින්ම විනාශ කළා.එදා රාජ්‍ය දේපළවලට කොතරම් ගිනි තැබුවාද? එදා යූඑන්පී කාරයන් වෙච්ච වරදට ඝාතනය කලා.මේවා කළ අය බටලන්දට ගෙනිහින් කෝපි කෝප්පයක් දීල ඇහුවම කියාවිද?
ආණ්ඩුවට මේ දීල තියෙන්නේ වරමක් නෙමෙයි දඬුවමක්.