සැන්ෆ්රැන්සිස්කෝ (ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ මාධ්‍ය පවසයි.
මෙම ඝන මීදුම පැතිර යන්නේ ටෙක්සාස්, විස්කොන්සින්, අයෝවා, මේරිලන්ඩ්, වර්ජීනියා, බටහිර වර්ජීනියා, නෙබ්‍රස්කා, කැන්සාස්, ඔක්ලහෝමා සහ උතුරු ඩොකෝඩා යන ජනපදවලය. කුඩා සුදු පැහැති අංශ වර්ගයකින් මීදුම පිරී පවතින බව පැවැසෙයි.
මීදුම පැතිරී යන්නේ ද කිසියම් රසායනික ද්‍රව්‍යයක් පිළිස්සී යන ආකාරයේ දුඟදක් ද සමග යැයි ජනපද වැසියෝ කියති.
කනස්සලට පත්වුණු ඇමෙරිකන් වැසියන් මේ සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත.
මීදුම් තත්ත්වය නිසා කීප දෙනකු ස්වසන ආබාධවලට ලක්වුණු බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බවත් පැවැසෙයි.
ෆ්ලොරීඩා ජනපද වැසියන් කීප දෙනකු එළිමහනේ සිටියදී හිටිහැටියේ සිහිසුන් වුණු බව ද වාර්තා වේ. රෝහල්ගත කළ කාන්තාවක පවසා ඇත්තේ, තමන්ගේ සිරුර අප්‍රාණික වූ බවත්, තමන් සැණින් සිහිසුන් වුණු බවත්ය.