ඇමෙරිකාවේ සුබ පැතුමට චීනය උරණ වෙලා


තායිවාන ජනාධිපතිවරණයෙන් ලායි චිංග් තේ ජයග්‍රහණය කිරීමත් සමඟ ඇමෙරිකාව ඔහුට සුබ පැතීමට අමතක නොකළේය.

ඇමෙරිකන් රජය ලායි චිංග් තේ ට සුබ පැතීම චීනයේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් වී ඇත.

චීනය තායිවානය තමන්ගේ කොටසක් ලෙස තවමත් පිළිගනී. එහෙත් මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ලායි චිංග් තේ ද චීන විරෝධී අදහස් ඇති දේශපාලඥයෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකාවේ හිතවතෙකි.

(බීබීසි)