
(හිරාන් ප්රියංකර ජයසිංහ)
දින කිපයක සිට නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ ජලාශ හා වැව් රැසක් වාන් දැමිමට පටන් ගෙන ඇතැයි දිස්ත්රික් ලේකම් වයි.එම්.ඉන්දික ද සිල්වා මහතා පවසයි.
මහ වැසි හා සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ ප්රදේශීය ලේකම් බල ප්රදේශ අටක පවුල් 2475ක පුද්ගලයන් 9467 ක් පිඩාවට පත්ව ඇතැයි ද දිස්ත්රික් ලේකම්වරයා කියා සිටියේය.
මෙලෙස අපදාවට ලක්ව ඇත්තේ පුත්තලම දිස්ත්රික්කයේ මහවැව, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත, පුත්තලම, කල්පිටිය, වනාතවිල්ලුව, මාදම්පේ යන ප්රාදේශීය ලේකම් බල ප්රදේශ වල ජනතාව බව කියයි.
මෙයින් වැඩිම පිඩාව පත්ව වානතවිල්ව ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ පවුල් 1301 ක පුද්ගලයන් 5078ක පිරිසක් වන අතර ඉන් පසු වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ වන අතර එහි පවුල් 746 පුද්ගලයින් 2964 ක් බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd