ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙයි. ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය.
ඊශ්‍රායල හමාස් ගැටුමට, මාස දෙකක් සහ දින 14 ක් ගත වී ඇත. ගැටුම් අතරතුරේ, දින කීපයක සටන් විරාමයක් පැවැත්විණි. ඒ අතරතුරේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සිදුවිය.