
(නිමල කොඩිතුවක්කු)
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) - 2 වන අදියර සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) වෙතින් අරමුදල් සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
වියළි කලාපීය ප්රදේශවල ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම, ජල සම්පත් කළමනා කරණය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ දරිද්රතාව අවම කිරීම යන රජයේ දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ 2 වන අදියර ක්රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, එම අදියර යටතේ පහත සඳහන් කාර්යයන් නිම කිරීමට අපේක්ෂා කරනු ලබයි:
කිලෝ මීටර 07 ක් පමණ දිග උමං කැණිම සහ ඊට අදාළ නිම කිරීමේ කටයුතු ඇතුළුව ප්රධාන උමං මාර්ගයේ ඉතිරි කොටස සම්පුර්ණ කිරීම.
සම්පුර්ණ දිග කිලෝමීටර 68 ක් පමණ වන විවෘත හා ආවරණය කරන ලද ඇළ මාර්ග, ජල මාර්ග සහ කුඩා උමං කොටස් ඉදි කිරීම.
ඇල්ලපොතාන වාරිමාර්ග ව්යාපෘති ඇළ මාර්ගයේ කිලෝමීටර 8ක පමණ කොටසක් ඉදි කිරීම.
ඉහළ වටිනාකමක් සහිත බෝග සහ ක්ෂේත්ර බෝග සඳහා විශ්වසනීයව හා කාර්යක්ෂමව වාරි ජලය සැපයීම පිණිස පීඩන බෙදා හැරීමේ ජාල 13 ක් පමණ සංවර්ධනය කිරීම සඳහා වාණිජ කෘෂිකාර්මික සංවර්ධන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම.
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන අගය දාම හඳුන්වා දීම සහ ගොවීන් සඳහා මූල්ය සේවා හා කෘෂිකාර්මික ව්යාපෘති සේවා වෙත ප්රවේශය පුළුල් කිරීම හරහා කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධති පරිවර්තනය කිරීම.
මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහනේ 2 වන අදියර සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 536.5ක් වන බැවින් බහු සංවර්ධන හවුල්කරුවන් සමඟ සම මූල්ය කරණ ක්රම වේදයක් යටතේ අදාළ අරමුදල් සපයා ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ආසියානු සංර්වර්ධන බැංකුව විසින් මෙම ව්යාපෘතිය සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර ඇත. යෝජිත සම - මුල්යකරණ විධිවිධානයේ කොටසක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-07-20 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී සම්මුති සාකච්ඡාවලින් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 48 ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක් වූ ණය සංරචක දෙකකින් සමන්විත ණය පහසුකමක් ලබා දීමට ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, එකී ව්යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් ලබා ගැනීම පිණිස ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල සමහ ගිවිසුමකට එළඹීමට මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd