(යොහාන් භාසුර)
පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ ලාහෝර්හිදී දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 25.3 කදී ලකුණු 110 කට සීමාකිරීමට සමත් වූහ.
ශ්රී ලංකා පිල ජයග්රහණය සඳහා ඕවරයකට ලකුණු 2.22 ක සාමාන්යයක් පවත්වමින් ලකුණු 111 ක් රැස්කළ යුතුය.
ශ්රී ලංකා පිල මෙම තරගය ජයග්රහණය කළ හොත් එංගලන්ත තරගය ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
පාකිස්තානු පිල ඕවර 25.3කදී සියලු දෙනා දැවී 110 (බාබර් අසාම් 29, හසන් නවාස් 17, ශහීන් ෂා අෆ්රිඩී 15, ඩිල්ෂාන් මධුසංඛ 34/5, සහන් ආරච්චිගේ 24/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd