
(සුජිත් හේවාජුලිගේ සහ රෝෂන් තුෂාර)
අත්අඩංගුවේදී සිදුවන ඕනෑම හිංසනයන් හා නීති විරෝධි ලෙස ජීවිතය අහිමි කිරීම් තරයේ හෙළා දකින බව ශ්රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටිය දී දෙදරු පියෙකු මියයාම පිළිබඳව එම සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා හා ලේකම් නලින්ද සිල්වා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
මත්ද්රව්ය සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුවේ පදිංචි, දෙදරු පියෙකු වන 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාරගේ මිය යාම සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.
වාර්තා වන ආකාරයට, 2026 ඔක්තෝබර් 25 වන දින උදෑසන හෝමාගම පොලිස් ස්ථානය වෙත ගොස් ඔහුගේ තත්ත්වය විමසා බැලූ පවුලේ සාමාජිකයන් ප්රකාශ කර ඇත්තේ, දැඩි ලෙස පහර දී ඇති බව පෙනී යන ශාරීරික තුවාල තමන් නිරීක්ෂණය කළ බවයි. ඊට පටහැනිව, පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කර ඇත්තේ මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති බවත්, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් ය. මෙම තත්ත්වයන් යටතේ මෙම මරණයට හේතු වූ පසුබිම සම්පූර්ණයෙන් හා ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පරස්පර ප්රකාශ හා ගැටළු විනිවිද භාවයකින් යුත් විශ්වසනීය පරීක්ෂණයකට ලක් කිරීමත් අත්යවශ්ය බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ විශ්වාසය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd