උඩවලව ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති නිසා එහි වාන් දොරටු පහක් අඩි එකහමාර බැගින් අද (18) දහවල් සිට විවෘත කළ බව උඩවලව වාරි මාර්ග කාර්යාලය පවසයි.
ජලාශයට පහළින් පිහිටි මොරකැටිය, රිදියගම, මාලෙකොලනිය, අම්බලන්තොට ආදි ප්රදේශවල ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ වනවිට විවෘත කර ඇති දොරටු පහෙන් තත්පරයට ඝන අඩි දාසය දහස බැගින් ජලය වලවේ ගඟට මුදාහැරෙන බව ද පැය කිහිපයක් ඇතුලත වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාහැකි බව ද ෙ වලවේ ගඟේ ඉහළ ප්රදේශයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් සමනලවැව ජලාශයද පිරීයාමෙන් පසු උඩවලවේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇති බව ද උඩවළව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.