කඩුගන්නාවේ පස් යට වැළලුණු සිරුරු පහක් හමුවෙයි


කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නායායෑමෙන් අතුරුදන්වු  පස් දෙනකුගේ සිරුරු අඟහරුවාදා (17) සහ අද (18) සොයා ගත් බවත් අනෙක් මළ සිරුර සොයා බ්‍රහස්පතින්දා (19) යළි මෙහෙයුම් අරඹන බවත් මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවැසිය.

නාය ගිය ස්ථානයෙන් පිරිමි දරුවන් සිව් දෙනකුගේ හා කාන්තාවකගේ සිරුරු සොයා ගත් බවත් පවතින අධික වර්ෂාව හා අපදාවට ලක්වු නිවෙස් වලට ඉහළින් ඇති කන්දෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්වය නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ  උපදෙස් මත අද දිනයේ මෙහෙයුම් නවතා දැමු බවත් ඔහු කීවේය.

කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නිවාස දෙකක් මතට කඩා වැටුණු පස් කන්ද හේතුවෙන්  එම නිවෙස් දෙකේ සිටි පවුල් දෙකක මවුවරු දෙදෙනෙක් හා පුතුන් සිවු දෙනෙක් අතුරුදන් ව සිටියහ. 

kadugannawa_2016518.2jpg kadugannawa_2016518.3 kadugannawa_2016518