ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර තිබේ. එළැඹෙන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල මෙසේ ඉහළ දැමෙන බව කියුබානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අයවැය හිඟය අඩු කිරීමේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගැනීමට සිදුවුණු බවත්, ඉන්ධන මිලට අමතරව විදුලි ගාස්තු ද සියයට 25කින් ඉහළ දැමීමට සිදුවන බවත් කියුබානු රජය එරට ජනතාවට පැහැදිලි කර තිබේ.
මිලියන 11ක ජනගහනයක් වෙසෙන, ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්වුණු කියුබාව, 1990 වසරට පසුව දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටින බව ජගත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කියුබාවේ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, ඉන්ධන මිල සියයට 500 කින් ඉහළ දැමීමෙන්, උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)