කුකුලේ ගඟ වාන් දොරටු විවර කරයි


(ලක්මි කුඩලිගම)

බස්නාහිර පළාත කඑතර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (20) දින සිට නැවත වරක් සක්‍රීයව පවතින වර්ෂාපතනය සමග කුකුලේ ගඟ වාන් දොරටු විවර කර ඉන් තත්පරයට ඝන මීටර දෙසීයක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා මහතා පවසයි.

මේ තුළින් නැවත වරක් ගංවතුර තත්ත්වය වැඩිවීමේ අවදානමක් පවතින අතර බුලත් සිංහල අවට පහත් බිම් තීරුවල වෙසෙන ජනතාව සැලකිලිමත් වන ලෙසත් මාර්ග   කීපයක්  ජලයෙන් යටවී පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා  මහතා කීය.

කුඩා ගඟ පිටාර ගැලීමෙන්  තවමත් බුලත් සිංහල  මෝල්කාව ප්‍රධාන මාර්ගයෙයේ දඹල නාලියද්ද ඇටඹස් හංදිය. 

බුලත්සිංහල කළුතර ප්‍රධාන මාර්ගයේ සද්දන්ගොඩ, ගල්යක්කල, දියකඩුව යන ප්‍රදේශ අගලවත්ත කුඩලිගම මාර්ගය කුඩලිගම පී ඇස් හංදිය මාර්ගය ජලයෙන් යටවී සම්පූර්ණයෙන්ම ගමනාගමන කටයුතු ඇනහිට  තිබේ.