
(අංජුල මහික වීරරත්න)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට (23) අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්යංශය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ට දැනුම් දී තිබේ.
ඥානසාර හිමියන් හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්ය නොවන බවට දැනුම් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහා නා හිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බව බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය ගම ගෙදර දිසානායක මහතා පැවසීය.
ත්රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම අනුව බන්ධනාගාර නිත්ය නියෝග හා රෙගුලාසි සංශෝධනයෙන් පසු ඥානසාර හිමියන් හෙට (23) චීවරය සහිතව නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්යාංශය මීට පෙර ප්රකාශයට පත්කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd