(රංජන් කටුගම්පොල)

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය බේරා ගැනීමේ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් සහ විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සම්මත කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශ්වයන් හතළිස් දෙදෙනකු ගොනුකොට තිබූ පෙත්සම් 42ක තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපද්මත් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය බේරා ගැනීමේ පනත් කෙටුම්පත් එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවේගෙදර මාහාචාර්ය ජී. එල්. පීරිස් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, කලප ප්‍රතිපත්තිකේන්ද්‍රය sos ආයතනය ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලබා ඇති පෙතසම්වල වගඋත්තකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳව පුළුල් අධ්‍යයනය කර ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රමවේද  සහ ජාත්‍යන්තර සම්මුතින් ඇති කරුණු සලකා පනත් කෙටුම්පත් සකස් කර ඇති බවත් කෙටුම්පතහි කිසිදු ආකාරයක  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවද මෙහි මූලික අරමුණ වන්නේ පුළුල්ව ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව ජාතික ආරක්ෂාව සැලසීම බවද කිය.

දෙපාර්ශවයේ කරුණු පුරා දින දෙකත් තිස්සේ දැක්වීමෙන් පසුව පෙතසමිවල තින්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.