
(විමුක්ති එස් රුද්රිගු)
ශ්රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම, රැකියා අවස්ථා පුළුල් කිරීම සහ වැඩිහිටි ජනතාව සඳහා සත්කාරක සේවා වැඩිදියුණු කිරීම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මූල්ය පහසුකමක් සැපයීමට අනුමැතිය ලබාදුන් බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
ඒ සඳහා ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ සහ සිදු කෙරෙන ආයෝජන වෙනුවෙන් මෙම මුදල යෙදවනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 5ක් ප්රතිපත්ති මත පදනම් වූ ණය මුදලක් ලෙස ලබාදෙනු ඇති බවත් ඉතිරි ඩොලර් කෝටි 5 ක මුදල ව්යාපෘති ණය මුදලක් ලෙස පිරිනමන බවත් ආසියානු සංවර්ධන බැංකුව ප්රකාශ කළේය.
මේ යටතේ දිස්ත්රික්ක හයක අස්වැසුම සමාජ ආරක්ෂණ ලේඛනයෙන් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් 30,000කට ජීවනෝපාය ආධාර, රැකියා සහ ව්යාපාරික සහාය, වෘත්තීය කුසලතා සංවර්ධන පුහුණුව සහ මූල්ය සාක්ෂරතා පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.
කාන්තාවන් සහ තරුණ තරුණියන් මෙම වැඩසටහනේ ප්රතිලාභීන් ලෙස ඉලක්ක කර ඇති අතර, ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා සඳහා විශ්වාසදායක වෙළෙඳපොළක් හඳුන්වා දීමට තිබෙන අවස්ථා මෙම වැඩසටහන මගින් පුළුල් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd