(ටී.කේ.ජී.කපිල )
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගිනි අවියක් , එයට යොදන පතොරම් 12 ක් සහ පතොරම් ගැබක් සිය කළිසම් සාක්කුවේ සඟවා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු රත්මලාන , ගාලු පාරේ පදිංචි 41 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ෙඔහු ගුවන් මගියෙකු පිටත් කර හැරීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයට පැමිණ සිටියදී , ඔහු කිසියම් අවශ්‍යතාවයක් සදහා බිමට පහත් වීමෙදී, ඇද සිටි කළිසම් සාක්කුවේ රදවා ගෙන සිටි මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවිය , එම පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වී සිටි පොලිස් සැරයන්වරයෙකුට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.