චීන ජනාධිපති වියට්නාමයේ


චීන ජනාධිපති ෂී ජින්පින් නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැය පැවැසෙයි.

හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. වියට්නාම් කොමියුනිසිට් පක්ෂ මහ ලේකම් න්ගුවෙන් පූ ත්‍රොංග්, කොමියුනිසිට් පක්ෂ සභාපති වෝ වැංග් තඔන්ග් සහ වියට්නාම  අග්‍රාමාත්‍ය පැම් මිං චිං සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය.

චීනය මෙන්ම වියට්නාමය ද ආසියාව අයත්, කොමියුනිසිට් රටවල්ය. වියට්නාමය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර  ගනිමින්, දෙරට අතර ශක්තිමත් සහයෝගයක් පවත්වා ගැනීම මෙම වියට්නාම් සංචාරයේ අරමුණ යැයි චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

වියට්නාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේත් චීන රජයේත් අවධානය යොමු වී ඇත. වියට්නාමයේ වරාය, දුම්රිය, මාර්ග සංවර්ධනය ආදී ව්‍යාපෘති රැසකට ද චීනය මැදිහත් වී ආධාර ලබා දීමට උනන්දුවෙන් පසුවෙයි.

මේ අතර, චීන ජනාධිපතිගේ ෂී ජින්පින්ගේ වියට්නාම සංචාරයට එරෙහිව හැනොයි අගනුවර විරෝධතා රැලියක් ද පැවැත්විණ. ඒ, වියට්නාමයේ චීන විරෝධී ක්‍රියාකාරීන් විසිනි.

වියට්නාමය අසල්වැසි කලාපීය රටවල් සමඟ නොව ඇමෙරිකාව ද ඇතුළු බටහිර රටවල් සමඟ ද සමීප මිතුදම් පවත්වාගෙන යයි. මීට මාස කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වියට්නාමයේ සංචාරයක නියැලුණි.