ජනපති ධුරයේ දිගටම ඉන්න පුටින් කැමැතියි


ලබන 2024 වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, තමන් ඊට ඉදිරිපත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, 2030 තෙක් ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවනු ඇත.

71 ක් හැවිරිදි පුටින්, රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 වසරේ සිටය.