ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට


(පද්මසිරි ගාර්දියවසම්  සහ  චන්ද්‍රෙස්න ගමගේ )         

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3)  උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය.

ඩෙවෝන් පුතා 3 ධීවර යාත්‍රාව මගින් මෘතදේහයන් තැන්පත් කර තිබූ ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාව කඹයක ආධාරයෙන් ඇද ගෙන ආවේය .

තංගල්ල මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් මෘතදේහයන් යාත්‍රාවේ  තිබෙන බව ත්  ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහයන් තංගල්ල මූලික රෝහලට රැගෙන යන බවත් පොලිසිය පැවසීය .