(රෝෂන් තුෂාර)
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් අද ඉදිරිපත් කළේය.
කොළඹ මහාධිකරණයට යොමුකර ඇති මෙම අභියාචනය අද දහවල් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබීය.
එම අභියාචනා පෙත්සම පදනම් කරගෙන ඥානසාර හිමියන් ඇප මත මුදාහරිණ ලෙසට ඉල්ලා ඇප අයදුම් පත්රයක් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.