ගාල්ලෙ තිබුණ මැයි දිනේට දවසකට දෙකකට කළින් රටේ ලොකු මහත්තය ගාල්ල පැත්තෙ නිල ගමනක් ගියා. මෙහෙම ගිය ගමනෙදි පළාතෙ පළාත් පාලන නියෝජිත කස්ටියක් හම්බවුණා. මෙතෙන්දි පළාත් පාලන කස්ටියට ජනාධිපතිතුමා කවදාවත් නොකියූ රහසක් කිව්ව.....
මෙතෙක් පත්තරවල ප්‍රවෘත්තියක් විතරක් වුණ කැබිනට් වෙනස්කම් ගැන කතාව උන්නැහේ මුල්වරට මේ අය එක්ක කීවලු....
සාමාන්‍යයෙන් රටේ ලොකු මහත්තය තමන්ගේ තීන්දු ගැන වැඩිය කතා කරන පාරම්බාන කෙනෙක් නෙවෙයි... ඒකයි උන්නැහේ ගාල්ලෙදි කළ හෙළිදරව්ව ඉතාම වැදගත් වෙන්නෙ....
මෙතෙන්දි ලොකු මහත්තය කියල තියෙන්නෙ ආණ්ඩුවෙ ඉන්න ඇමැතිල අතරෙ බරපතළ චෝදනා එල්ලවෙන එක්කෙනෙක් දෙන්නෙක් ගැන පැමිණිලි සහ තොරතුරැ ලැබිල තියෙනව... දිගින් දිගටම චෝදනා එල්ලවෙන හා විවේචනය වන ඇමැති සයිස් මහත්තයෙකුත් ඉන්නව.... මේ අයගෙ තනතුරැ ළඟදිම වෙනස් කරන්න වුණත් ඉඩ තියෙනවය කියන කතාවයි මෙතුමා කළ හෙළිදරව්වෙදි දැනගන්න ලැබුණෙ....
මේ හෙළිදරව්ව කරන්න දවසකට දෙකකට කළින් රටේ ලොකු මහත්තයයි දෙවැනි මහත්තයයි හම්බුවෙලා සතරකන් මන්ත්‍රණයක් තිබ්බලු. ඒකෙදි කතා වුණෙත් ඔය විදියට වෙනස් කරන පට්ටම් ගැනලු. ඒ අනුව තමන්ගෙ යූනියන්කාරයො එක්ක ලොකු අවුලක ඉන්න ඇමැති මහත්තයකුටත්, ජනාධිපති කන්තෝරැව කිට්ටුවම ඔපීසිය තියන ඇමැති මහත්තයකුටත් නාරාහේන්පිට පැත්තෙ කන්තෝරැව තියන ඇමැති විතරක් නෙවේ උප ඇමැති සයිස් කෙනෙකුටත් අද හෙටම ටිකට් ඇදේවි කියලා කියනවා....