දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්


(නිමල කොඩිතුවක්කු)

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අඩපන වී ඇති බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණ තාක්ෂණවේදීන් 1150 ක් සිටිය යුතු වුවත් දැනට සේවය කරනු ලබන්නේ  620 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම සහ විදේශගතවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් මේ වසරේ විදේශගත වී ඇති බවත් ඔහු කීවේය.