දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික  මවක සහ දියණියක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය . ඇයගේ දියණිය 38 හැවිරිදිය .

මොවුන් දෙදෙනා ඊයේ (09) ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 391 ක් සගවා ගෙන තිබී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .