දූෂණ විරෝධී කෙටුම්පත විවාදය එන 08 වැනිදා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 08 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වේ

ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාය.

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.