නවසීලන්තය ලකුණු 59 කින් බංග්ලාදේශය පරාජය කරයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ පැවැති තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 59 ක ජයක් ලැබීය.
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 3 ට 191 (ජේම්ස් ෆ්රෑන්ක්ලින් 35, බ්‍රෙන්ඩන් මැකලම් 123, රෝස් ටේලර් නොදැවී 14, අබ්දුර් රසාල් 28/2)
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 8 ට 132 (මොහොමඞ් අෂ්රෆුල් 21, නසීර් හොසේන් 50, මහ්මුදුල්ලා 15, කයිල් මිල්ස් 33/3, ටිම් සවුති 16/3)

