
(අංජුල මහික වීරරත්න)
පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම’ ස්ථාපිත කිරීමට අදාළව පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව පදනම් කර ගනිමින්, ඊට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ ජාතික නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා පර්යේෂණ සහ නවෝත්පාදන ක්ෂේත්රය නව මඟකට යොමු කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, ‘පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම’ ස්ථාපිත කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරනු ලැබීය. විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා එම කමිටුවේ සම සභාපතිවරු ලෙස කටයුතු කරති.
යෝජිත කොමිසම සහ ඊට අනුබද්ධ කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට පදනම සපයමින් මෙම සංකල්ප පත්‍රිකාව විශේෂඥ කමිටුව විසින් සකස් කර ඉදිරිපත් කර තිබේ.
එම සංකල්ප පත්‍රිකාවට අනුව, ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන පද්ධතිය උපායමාර්ගිකව මෙහෙයවීම, සම්බන්ධීකරණය, අධීක්ෂණය සහ සංවර්ධනය කිරීමේ වගකීම පැවරෙන මධ්‍යගත ආයතනය ලෙස යෝජිත ජාතික පර්යේෂණ හා සංවර්ධන කොමිසම ක්‍රියාත්මක වනු ඇත.
එමෙන්ම, වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ජාතික පර්යේෂණ සහ සංවර්ධන පරිසරයක් ගොඩනැඟීම අරමුණු කර ගනිමින්, යෝජිත කොමිසමේ පාලන ව්‍යුහය, ආයතනික විධිවිධාන සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නිර්දේශ ද මෙම සංකල්ප පත්‍රිකාවට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd