ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "අක්වාන්" (Akvan) සුළිකුණාටුව, අද (18) දින අළුයම 02.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.6° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 650 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය තවදුරටත් සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින්, අද (18) පෙරවරු . 05.30 පමණ වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී “ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා වැඩි හැකියාවක් පවතී.
ඉන් අනතුරුව, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, හෙට (19) පස්වරු. 05.30 පමණ වන විට “ඉතා ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා තවදුරටත් වර්ධනය විය හැකි අතර 2026 නොවැම්බර් මස 20 දින, “ඉතා ප්‍රබල සුළි කුණාටුවක්” ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ අතරින් ඉන්දියාවට ඇතුල්වීමට ඉඩ ඇත.
එම නිසා, උතුරු අක්ෂාංශ 06 ත් 19ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ බටහිර දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් (30-40) පමණ වේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මිටර්. 50 දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd