(දයාරත්න ඇඹෝගම)
මත්ද්‍රව්‍ය පානය කිරිමේ හේතුවෙන් වසරකට විවිධ රෝගවලට ලක්ව පුද්ගලයන් 20,000 ක පමණ පිරිසක් මියයන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්යක්ෂ අමරනාත් තැන්න මහතා පවසයි.
මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අ අනුරාධපුර ක්රිස්ටන්පාක් හෝටලයේ දි පැවැත්වුණි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සමාජය තුළ මතුව ඇති ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය හා වගකීම පිළිබදව මාධ්‍යවේදින් දැණුවත් කිරිම මෙහිදි සිදුවිය.
මෙම වැඩ සටහන මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩසටහන් අධ්යක්ෂ අමරනාත් තැන්න මහතා විසින් මෙහිදි අදහස් දක්වමින් මෙසේද පැවසිය.
“ දිවයිනේ මුළු ජනගහනයෙන් 20%-22% පමණ පිරිසක් මධ්‍යසාර භාවිතා කිරිමට පෙළබි සිටිනවා. පිරිමි ජනගහනයෙන් 43% ක් හා කාන්තාවන් 12% ක් පමණ මේ සදහා යොමුවි සිටිනවා.එසේම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අවුරුද්දක දී 20,000 ක පමණ පිරිසක් මියයනවා.එය දිනකට මියයන ප්‍රමාණය 55ක්. බවත්, එය දවසකට 55 දෙනෙකු වැනි පිරිසක්.මත්ද්‍රව්‍ය සදහා මිනිසුන් දවසකට රුපියල් කොටි 56 ක වැනි මුදලක් මේ සදහා මිනිසුන් වියදම් කරනවා.මත්ද්‍රව්‍ය සදහා යොමුව සිටින බොහෝමයක් දෙනා අඩු ආදායම් ලභින්”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd