පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට


(සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)


බලන්ගොඩ  මොරහැල  ප්‍රදේශයේ  වෙල්යායක ඇති මැණික්  පතලකදි   තරුණයෙක්    විදුලි  සැර  වැදි  අද  (05)  දා  මියගොස් ඇතැයි   පොලිසිය   පවසයි.

බලන්ගොඩ   පහළ  පන්දෙණිය, ගුරැබැවිල , ප්‍රදේශයේ පදිංචිව සිටි  සමිපත් ප්‍රදිප් විිරසිංහ  නැමති    24  හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

මොහු තවත්  පිරිසක් සමග  එම මැණික් පතලේ  වැඩ කර  ඇති  අතර  පතලේ  වැඩ  අඳ දිනයෙන්   අවසන් කිරිමට නියමිව   තිබි  තිබෙන  අතර  එය  අවසන්  කිරිම  සදහා   මැණික් පතල  ආශ්‍රිතව  ඇති ජලයෙන්   ආයුධ  සේදිමට  බැස  තිබෙන  බවත්   ඒ  අසල  වතුර  මෝටරයද  සවිකර   තිබෙන  බවත්   මුලික විමර්ශනවලදි අණාවරය වි  තිබෙන බව  පරික්ෂණ  පැවැත්වු පොලිසිය  කියයි.

එහිදී මොහුට විදුලි සැර  වැදි  තිබෙන බවට  සැකකෙරෙන  අතර බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන  විටත් මියගොස් තිබෙන  බව  පොලිසිය  කිය.