පත්තර මිණි පහනක් නිවී යයි


ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය.

කොළඹ විශාකා විද්‍යාලයෙන් සිලෝන් යුනිවර්සිටි කොලීජියට පිවිසි ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම කණ්ඩායමට අයත්වූවාය.ඇයට පළමු පන්තියේ සාමාර්ථයක් හිමිය.

ගත්කතුවරියක, විශේෂාංග ලේඛිකාවක ලෙස නමක් දිනා සිටි ඇය පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරියකද වූවාය.

ඉංග්‍රීසි,සිංහල දෙබසින්ම පුවත්පත් කලාවේ දස්කම් දැක්වූ ඇය තරුණි,මිහිර,අතුරු මිතුරු ඇතුළු පුවත්පත් ගණනාවක ප්‍රධාන කර්තෘවරිය වූවාය.

සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රිය සංග්‍රහයේ සංස්කරණය කළ ඇය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේද උගෙන ගත්තාය. ඇය සරදු යන අනවර්ථ නාමයෙන් ලේක්හවුස් ආයතනයේ ඉංග්‍රීසි , සිංහල පුවත්පත් වලට ලිපි ලියුවාය.

පුවත්පත් කලාවට පිවිසි දහස් ගණනකට අතදුන් ඇය තනිකඩව සිටිමින් මුළු ජීවිතයම පුවත්පත් කලාවට කැපකළාය.

සුමනා සපරමාදු මෙනවියගේ අවසන් කටයුතු කොහුවල සුසාන භූමියේදී සෙනසුරාදා (16) ඉතා චාම් ලෙස සිදුවිය.