පාකිස්තානයේ බිත්තර මිල ද වේගයෙන් ඉහළ යමින් පවතී. එරට මාධ්‍ය වාර්තා අනුව, පන්ජාබ් ප්‍රාන්ත අගනුවර වන ලාහෝර් හි බිත්තර 12 ක් පාකිස්තාන රුපියල් 400 (ශ්‍රී ලංකා රුපියල් 465 ක් පමණ) කි.
පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්නේ මූල්‍ය අර්බුදයට හේතුව අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන්ගේ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති බවය.
2023-24 මූල්‍ය වර්ෂයේ පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට පකිස්ථානයේ මුළු ණය බර පාකිස්තාන රුපියල් ට්‍රිලියන 63,399 (PKR) දක්වා ඉහළ ගොස් තිබුණි.
මීට අමතරව, රජය විසින් නියම කර ඇති කිලෝ ග්‍රෑමයකට රුපියල් 175ක් වූ ස්ථාවර මිලට සාපේක්ෂව, පාකිස්තානයේ ලූණු කිලෝ ග්‍රෑමයක මිල පාකිස්තාන රුපියල් 230ත් 250ත් අතර බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී. ඇසුරිනි)