පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි.
ප්‍රහාරය එල්ල වූයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, දරබාන් නමැති කුඩා නගරයේ හමුදා කඳවුරටය. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.