පැපුවා නිව් ගිනියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ඔඩුදුවයි


වැටුප් කප්පාදුවක් හේතුවෙන්, පැපුවා නිව් ගිනියාවේ, මෝස්බි්‍ර අගනුවර, ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු තුවාල ලැබූ බවත්ය.

කලහකාරී පිරිස් මෝටර් රථවලටත්, නගරයේ කඩසාප්පු සහ ගොඩනැගිලිවලටත් පහර දුන්හ. ඔවුහු සුපිරි වෙළෙඳසැල්වලට කඩා වැදී, අලාභහානි සිදු කරමින්, සුපිරි වෙළෙඳසැල් කොල්ල කෑමට පටන් ගත්හ. වැටුප් කප්පාදුව සිදුවී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50 කින් කප්පාදු කර ඇතැයි පැවැසෙයි.

පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ පසා ඇත්තේ, රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකළ බවත්, වැටුප් කප්පාදුවක් වී ඇත්තේ වැටුප් සකස් කරන පරිගණක පද්ධතියේ සිදුවුණු දෝෂයක් නිසා බවත්ය.