බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි


බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය.

32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

කුමරුන්ගේ අත ගත්තේ, වසර ගණනක් ඔහුගේ ආදරවන්තිය වූ 29 හැවිරිදි යැංග් මුලියා අනීෂා රෝෂ්නාය. ඇය සාමාන්‍ය පවුලක යුවතියකි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දෙසැම්බරය් සිදුවිය. යැංග් මුලියා අනීෂා රෝෂ්නා විලාසිතා සහ සංචාරක සමාගමක හිමිකාරිණියකි.